වෙනිසියුලා ආරක්‍ෂක අංශ හා විපක්‍ෂ කණ්ඩායම් අතර, දරුණු ගැටුම් හටගෙන තිබේ. ඒ කොළොම්බියාවේ හා බ්‍රසීලයේ සිට මානුෂීය ආධාර රැගත් රථ වෙනිසියුලාවට පැමිණිම වැළැක්වීමට ආරක්‍ෂක අංශ ක්‍රියා කිරීමත් සමඟයි.

මීටර් 100 ධාවන ඉසව්ව සඳහා නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හිමාෂ ඒෂාන් අද සමත්විය.

“ඒරෝ ඉන්දියා“ ගුවන් ප්‍රදර්ශනයේ ඇති වූ ගින්නකින් ඉන්දියාවේ බැංගලෝර් නගරයේ මෝටර් රථ 150ක් පමණ විනාශ විය.

සුඩාන ජනාධිපති ඕමාර් අල් බෂීර් එරට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඉන්දියාව තම රටට ලැබෙන ගංගා ජලය අවහිර කරන්නේ නම්, ඊට මුහුණදීමට සූදානම් බවට, පකිස්තානය අනතුරු අඟවයි.

පහසුවෙන් පියයුරු පිළිකා හඳුනා ගැනීමේ රුධිර පරීක්ෂාවක් පිළිබඳ සොයා ගැනීමට ජර්මන් පර්යේෂණ කණ්ඩායමක් සමත් වේ.

උණුසුම් කාලගුණික තත්වයක් මත ලැව් ගිනි හටගැනීම නිරතුරුවම සිදුවේ.

ඊයේ(21) රාත්‍රි‍ බංගලාදේශයේ ඩකා අගනුවර ඇතිවූ හදිසි ගින්නකින් 78 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දියාව සහ පක්ස්තානය අතර වර්ධනය වෙමින් පවතින ගැටළු තත්වය පිළිබඳව තම කණගාටුව ප්‍රකාශ කරන බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

නයිජීරියාවේ ජනාධිපතිවරණය පෙබරවාරි 23 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.

ඉරානය නව සබ්මැරීනයක් දියත් කරයි. එරට දී නිපදවන ලද මෙම නවතම සබ්මැරීනය මිසයිලවලින් ද සන්නද්ධ වෙයි.

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු දෙදින සංචාරයක් ආරම්භ කරමින් ඊයේ පකිස්තානයට ළඟා විය.

ඉන්දීය කාශ්මීර ප්‍රදේශයේ දී ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය සෙබළුන් 40 දෙනාගේ අවසන් කටයුතු සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් එක්වූහ.

කොළොම්බියා දේශසීමාවේ ආරක්‍ෂාව තර කරන ලෙස වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ හමුදාවට නියෝග කර තිබේ.

ස්පාඤ්ඤයේ හදිසි මහමැතිවරණයක් කැඳවීමට අග්‍රාමාත්‍ය පෙඩ්ඩ්‍රෝ සැන්වෙස් තීරණය කර තිබේ.

නයිජීරියාවේ ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය,කල් දා තිබේ. එරට ස්වාධීන ජාතික මැතිවරණ කොමිසම,මේ බව නිවේදනය කළේය.

මෙක්සිකෝ තාප්පය ඉදිකිරීමේ අරමුදල් ලබා ගැනීමට රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයා සූදානම් වේ.

මෙවර වැලන්ටයින් සතිය නිමිත්තෙන් නේපාලයට ඉන්දියාවෙන් රතු රෝසමල්  එක්ලක්ෂ හැට දහසක් පමණ ආනයනය කර තිබේ.

ඉරානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත් තිබේ.

දහස් ගණනක් දැල්ලන් චිලී රාජ්‍යයේ බාහියා හි ඉන්ග්ලේසා වෙරළ තීරයට ගොඩගසා තිබේ.

Latest News