මරු කැදවූ බස් රථයට ගිනි තබයි

දෙසැ 13, 2018

    රත්නපුර, ඇඹිලිපිටිය මාර්ගයේ 96 සැතපුම් කණුව ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්විය.

    අනතුර සිදුවූයේ ඊයේ රාත්‍රියේ. බස් රථයක් සහ, යතුරු පැදියක් ගැටීමෙන් අනතුර සිදුව තිබේ. සිද්ධියෙන් මිය ගියේ ඇඹිලිපිටිය - තලකෑල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    යතුරු පැදියේ ගමන් ගත් තවත් අයෙක් තුවාල ලැබීය. ඔහු ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරිණ.

    අනතුරින් කෝපයට පත් පිරිසක් බස් රථයට ගිණිතබා තිබේ. ඉන් බස් රථ සම්පූර්ණයෙන් විනාශ විය. බස් රථයේ රියදුරු පොලීසියට බාර වී ඇත.

    Latest News