ස්පාඤ්ඤයේ හදිසි මහමැතිවරණයක් කැඳවීමට අග්‍රාමාත්‍ය පෙඩ්ඩ්‍රෝ සැන්වෙස් තීරණය කර තිබේ.

නයිජීරියාවේ ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය,කල් දා තිබේ. එරට ස්වාධීන ජාතික මැතිවරණ කොමිසම,මේ බව නිවේදනය කළේය.

මෙක්සිකෝ තාප්පය ඉදිකිරීමේ අරමුදල් ලබා ගැනීමට රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයා සූදානම් වේ.

මෙවර වැලන්ටයින් සතිය නිමිත්තෙන් නේපාලයට ඉන්දියාවෙන් රතු රෝසමල්  එක්ලක්ෂ හැට දහසක් පමණ ආනයනය කර තිබේ.

ඉරානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත් තිබේ.

දහස් ගණනක් දැල්ලන් චිලී රාජ්‍යයේ බාහියා හි ඉන්ග්ලේසා වෙරළ තීරයට ගොඩගසා තිබේ.

මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය රජු ලෙස සැලකෙන එල් චාපෝ ගුස්මන්ට, එරෙහි සියලු චෝදනාවලට ඔහු වරදකරු බව අමෙරිකාවේ නිව්යෝර්ක් ෆෙඩ්රල් අධිකරණය තහවුරු කර තිබේ.

රුසියාව, ගෝලීය අන්තර්ජාලයෙන් විසන්ධිවීමට සළකා බලමින් සිටින බව වාර්තාවේ.

අමෙරිකානු රජයේ කටයුතු දෙවැනි වරටත් අකර්මන්‍යවීමේ අවදානමක් මතුව තිබේ.

සැකකරුවෙකු භීතියට පත් කිරීමට සර්පයෙකු යොදා ගැනීමේ සිද්ධියක් ඉන්දුනීසියාවෙන් වාර්තාවේ. 

බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ ආදිපාදවරයා සිය රියදුරු බලපත්‍රය යළි බාරදී තිබේ.

තායිලන්ත රජ කුමරිය එරට අගමැති ධුරය සඳහා තරග වැදීමේ තීරණය තායිලන්ත රජුගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

චීනයේ නව අවුරුදු උදාව විවිධ නගරවල උත්සවාකාරයෙන් සැමරෙනවා.

මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතන පරීක්ෂණ සඳහා තුර්කියේ මැදිහත්වීම, සෞදි අරාබිය විසින් සීමා කර ඇති බව, එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

ප්‍රංශය හා ඉතාලිය අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වී තිබේ.

තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ මහල් 8ක නිවාස සංකීර්ණයක් කඩාවැටී තිබේ.

ලොව උෂ්ණත්වය අධිකම දශකය කරා ලෝකය ගමන් කරමින් සිටින බව, කාලගුණ විද්‍යාඥයින් අනාවැකි පළ කරයි.

අමෙරිකානු හමුදා ඉරාකයේ රැඳවීම සම්බන්ධයෙන්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙස, ඉරාක අගමැති අඩෙල් අබ්දුල් මාදි ඉල්ලා සිටියි.

මේ මස අග පැවැත්වීමට නියමිත අමෙරිකානු සහ උතුරු කොරියානු නායකයන්ගේ සාකච්ජා සාර්ථක ලෙස පැවැත්වීමට තමන්ගේ උපරිම දායකත්වය ලබාදෙන බව, උතුරු කොරියාව සම්බන්ධයෙන් පත්කර සිටින අමෙරිකානු නියෝජිත ස්ටීවන් බියගන් පවසයි.

රුසියාව, නව මිසයිල පද්ධතියක් හඳුන්වාදීමට සූදානම් වෙයි.

Latest News